Sunday, March 26, 2017
මහගමට ආ මනුස්ස වඳුරා
මේ වඳුරු රාල ඉන්නේ අපේ ගමේ මහගම ඉම්මිල්ලේ . වයස අවුරුදු 15ක් . මෙයාව හදා වඩා ගන්නේ නන්දනී . මෙයා වඳුරෙක් උනාට මනුස්ස ගති ගුණ සැහෙන්න තියෙනවා. උදේට කිරි බොන්න ඕනේ . හැන්දකින් පොවන්නේ නන්දනී. උදේ පාන්දරින් කිරි එක ලැබෙනකම් මෙයා නොයිවසිල්ලෙන් ඉන්නේ. පරක්කු උනොත් කෙඳිරි ගගා කිරි ඉල්ලනවා. මෙයාගේ නමත් කිරා. හැන්දෑවට මදුරුවෝ ඉන්නවනම් මදුරු කොයිල් එකක් පත්තු කරන්න කියල නන්දනිට වද කරනවා.
Tuesday, January 17, 2017
මහගම පැරණි ගෙවල් සොයමු.
අපේ ගමේ පැරණි ගෙවල් දැන් බොහොමයක් අභාවයට ගිහින්. එත් කීපයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ගෙවල් හදල තිබුනේ සහ ඉතිරි වී ඇති කීපය හදා තිබෙන්නේ ලන්දේසි ගෘහ නිරමාණ කලාව අනුවයි.
මේ ඉතුරු ගෙවල් කීපයත් අභාවයට ගොස් අවසන් හුස්ම හෙලීමට පෙර ඒවායේ පින්තුර අරගෙන ඔබ මා වෙත එවනවනම් හෝ මේ බ්ලොග් අඩවියේ පළකරනවා නම් ඉතාමත් ඉහල සේවයක්. එවිට තව අවුරුදු 1000ක් ගත උනත් අනාගත පරපුරට ඒවා බලා ගන්න පුළුවන් .
මේ තියෙන්නේ අපේ පැරණි ගෙය සහ එකල අපේ නිවසේ විස අය සහ ගමේ සහ ගමට සම්බන්ධකම් තිබුණු ප්රුභුවරුන් සිටින චායරුපයක් . මේ පින්ත්රය ආරගෙන තිබෙන්නේ ක්රි.ව. 1900. නිවස පිහිටා තිබුනේ මහගම සුදර්ශනාරාමය ආසන්නයේ.
අපේ පැරණි ගෙය හදා අවසන් කර තිබෙන්නේ 1899. මා එය දන්නේ නිවසේ සාලයේ තිබු ආරුක්කුවට ඉහලින් 99-2-10 යන දිනය තිබු නිසයි . මේ නිවසේ බිත්ති සාදා තිබුනේ වරිච්චි වලින්.එහෙත් සුදු හුණු තට්ටුවකින් කපරාරු කර තිබු නිසා වරිච්චි වලින් තැනු බවක් පිටතට පෙනෙන්නේ නැහැ.
මේ නිවසේ ඉදිරිපස ඉස්තෝප්පුවක් කාමර තුනක් ශාලයක් සහ පිටුපස උතුරේ සිට දකුණු දෙසට පටු passage එකක් තිබුණු අතර ම උපදින්නට පෙර ඊටත් පසු පසින් කුස්සියක් තිබී තිබෙනවා මට මතක කාලයේ ආහාර පිසුවේ එම passage එක එක පැත්තකයි
ලස්සන සිවිලිමක් මෙන්ම සොල්දරයක්ද තිබුනා
පැරණි ගෘහ භාණ්ඩ තිබු අතර කවිච්චියක් වියන් ඇඳක් පැරණි ලාම්පු තුනක් කනප්පු කීපයක්, ටීපොවක් පැරණි බිත්ති ඔරලෝසුවක් පුටු ගණනවක් ඒ අතර වෙනවා
ලස්සන සිවිලිමක් මෙන්ම සොල්දරයක්ද තිබුනා
පැරණි ගෘහ භාණ්ඩ තිබු අතර කවිච්චියක් වියන් ඇඳක් පැරණි ලාම්පු තුනක් කනප්පු කීපයක්, ටීපොවක් පැරණි බිත්ති ඔරලෝසුවක් පුටු ගණනවක් ඒ අතර වෙනවා
අපේ පැරණි නිවස 1994 දී කඩා දමා අලුත් නිවසක් මා එහි තැනුව නමුත් එය තවත් අවුරුදු 10 ක් 15ක් පැවතීමට හොඳටම ඉඩකඩ තිබුනා .
ඔබ දන්නා මහගම තිබෙන පැරණි නිවාසයන්හී පින්තුර සහ එය පිහිටි ස්ථාන email කර එවන ලෙස මතක් කර සිටීමට කැමතියි.
email ලිපිනය premalal5555@gmail.com
Subscribe to:
Posts (Atom)