අපේ ගමේ පැරණි ගෙවල් දැන් බොහොමයක් අභාවයට ගිහින්. එත් කීපයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ගෙවල් හදල තිබුනේ සහ ඉතිරි වී ඇති කීපය හදා තිබෙන්නේ ලන්දේසි ගෘහ නිරමාණ කලාව අනුවයි.
මේ ඉතුරු ගෙවල් කීපයත් අභාවයට ගොස් අවසන් හුස්ම හෙලීමට පෙර ඒවායේ පින්තුර අරගෙන ඔබ මා වෙත එවනවනම් හෝ මේ බ්ලොග් අඩවියේ පළකරනවා නම් ඉතාමත් ඉහල සේවයක්. එවිට තව අවුරුදු 1000ක් ගත උනත් අනාගත පරපුරට ඒවා බලා ගන්න පුළුවන් .
මේ තියෙන්නේ අපේ පැරණි ගෙය සහ එකල අපේ නිවසේ විස අය සහ ගමේ සහ ගමට සම්බන්ධකම් තිබුණු ප්රුභුවරුන් සිටින චායරුපයක් . මේ පින්ත්රය ආරගෙන තිබෙන්නේ ක්‍රි.ව. 1900. නිවස පිහිටා තිබුනේ මහගම සුදර්ශනාරාමය ආසන්නයේ.
අපේ පැරණි ගෙය හදා අවසන් කර තිබෙන්නේ 1899. මා එය දන්නේ නිවසේ සාලයේ තිබු ආරුක්කුවට ඉහලින් 99-2-10 යන දිනය තිබු නිසයි . මේ නිවසේ බිත්ති සාදා තිබුනේ වරිච්චි වලින්.එහෙත් සුදු හුණු තට්ටුවකින් කපරාරු කර තිබු නිසා වරිච්චි වලින් තැනු බවක් පිටතට පෙනෙන්නේ නැහැ.
මේ නිවසේ ඉදිරිපස ඉස්තෝප්පුවක් කාමර තුනක් ශාලයක් සහ පිටුපස උතුරේ සිට දකුණු දෙසට පටු passage එකක් තිබුණු අතර ම උපදින්නට පෙර ඊටත් පසු පසින් කුස්සියක් තිබී තිබෙනවා මට මතක කාලයේ ආහාර පිසුවේ එම passage එක එක පැත්තකයි
ලස්සන සිවිලිමක් මෙන්ම සොල්දරයක්ද තිබුනා
පැරණි ගෘහ භාණ්ඩ තිබු අතර කවිච්චියක් වියන් ඇඳක් පැරණි ලාම්පු තුනක් කනප්පු කීපයක්, ටීපොවක් පැරණි බිත්ති ඔරලෝසුවක් පුටු ගණනවක් ඒ අතර වෙනවා
ලස්සන සිවිලිමක් මෙන්ම සොල්දරයක්ද තිබුනා
පැරණි ගෘහ භාණ්ඩ තිබු අතර කවිච්චියක් වියන් ඇඳක් පැරණි ලාම්පු තුනක් කනප්පු කීපයක්, ටීපොවක් පැරණි බිත්ති ඔරලෝසුවක් පුටු ගණනවක් ඒ අතර වෙනවා