මේ වඳුරු රාල ඉන්නේ අපේ ගමේ මහගම ඉම්මිල්ලේ . වයස අවුරුදු 15ක් . මෙයාව හදා වඩා ගන්නේ නන්දනී . මෙයා වඳුරෙක් උනාට මනුස්ස ගති ගුණ සැහෙන්න තියෙනවා. උදේට කිරි බොන්න ඕනේ . හැන්දකින් පොවන්නේ නන්දනී. උදේ පාන්දරින් කිරි එක ලැබෙනකම් මෙයා නොයිවසිල්ලෙන් ඉන්නේ. පරක්කු උනොත් කෙඳිරි ගගා කිරි ඉල්ලනවා. මෙයාගේ නමත් කිරා. හැන්දෑවට මදුරුවෝ ඉන්නවනම් මදුරු කොයිල් එකක් පත්තු කරන්න කියල නන්දනිට වද කරනවා.
ඉතින් නන්දනීට මදුරු කොයිල් වලටම සෑහෙන ගානක් යනවා මෙයාව සලකන්න ගිහින් .
කිරා කියන මේ මනුස්ස වඳුරා නන්දනී හොයාගෙන ආපු හැටි හරිම සංවේදී කතාවක් . මන් මේ සුදානම් වෙන්නේ ඒ දුක හිතෙන කතාව ඔබට කියන්නයි.
වැඳිරියකට පුතෙක් හම්බ උණොත් එයාව පරිස්සම් කරගන්න එක අන්තිම අමාරුයි . ග්‍රහ අපල උපද්‍රව කාරිය නිසා නොවෙයි. රැලේ වැඳිරියන්ට දු වරු ලැබෙන තරමට රැලේ නායක වඳුරා කැමති උනත් පුත්තු ලැබෙනවට කොහෙත්ම කැමති නැහැ. තමන්ගේ අන්තඃ පුරය තවත් කෙනෙකු සමග බෙදා ගන්න අපේ රජවරු අකමැති උනා වගේම රැලේ නායක වඳුරත් කීයටවත් කැමති නැහැ තමන්ගේ හාමිනේලාට ලැබෙන පුත්තුත් එක්ක අන්තඃ පුරය බෙදා හදා ගන්න. ඒ නිසා වඳුරු නායකයා හැම තිස්සෙම බලන්නේ උපදින පිරිමි කිරිකැටියන්ගේ බෙල්ල මිරිකලා ඉවරයක් කරගන්න. ඒ නිසා වඳුරු අම්මලාට තමන්ගේ පුත්තු බෙර ගන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි.
දවසක් නන්දනිගේ ළඟ ඥාති සහෝදරයෙක් රබර් වත්තක් මැදින් තරමක් දුර බැහැර හේනකට යන අතර තුර වඳුරු රංචුවක හිටපු වැඳිරියක් ගහෙන් ගහට පනිමින් ඔහු පසු පස ටික දුරක් ඇවිත් ඔහු ඉදිරියට මොකක්දෝ රතුපාට දෙයක් විසි කරලා . ලංවෙලා බැලුවම ඉපදිලා දින හතරකට පහකට වඩා වයස නැති වඳුරු පැටියෙක්. බිමට වීසි කරපු නිසා ගල් මුල්වල වැදිලා වඳුරු පැටිය සැහෙන්න තුවාලත් වෙලා . ඔහු වඳුරු පැටියව ගලක් උඩින් තියල ඈත් වෙලා ටික වෙලාවක් බලා ඉඳල පැටියව අරන් යයිද කියල බලන්න.වැඳිරිය බිමට බැහැල පුතාව ටිකක තුරුළු කරගෙන ඉඳල ආපසු ගල උඩින් තියල නන්දනිගේ ඥාති සහෝදරයාගේ මුණ දිහා බලන් ඉඳල ටික වෙලාවක් . ඉන්පස්සේ වඳුරු අම්ම ගහට නැගල වඳුරු රංචුව හිටිය පැත්තට ආපහු යන්න ගිහින් .
කතාවේ හොඳම හරිය නන්දනී මහත්මිය මා සමග කිව්වේ මෙහෙමයි.
" අය්ය වඳුරු පැටියව මගේ අතට දීල කිව්වා හදා ගන්න කියල. මන් බෑම කිව්වා. අය්යාගේ වදේ නිසාම මන් හදන්න පටන් ගත්ත. මුලින්ම සුප්පුවෙන් කිරි පෙව්වා. බොහොම ආසාවෙන් සුප්පුවෙන් බිව. පස්සේ පලතුරු එහෙම පොඩි කරලා කැව්වා. පහු වෙන්න වෙන්න ඕන දෙයක් කන්න පටන් ගත්ත . ටික ටික උස් මහත් උනා. බත් එහෙමත් දුන්න. ගේ ඇතුලේමයි හදා ගත්තේ. නිදා ගන්න ඇඳකුත් දුන්න. හැබැයි ඇඳේ කවදාවත් චු කරේවත් නැහැ. ඕන උනාම කැලේට යනවා. පස්සේ දවසක් කැලේ ඉන්න වඳුරෙක් ආව මුව මරන්න. ගේ ඇතුලටම එන්න පටන් ගත්ත . බේරෙන්න බැරි පාර මන් කිරාව හික්කඩුවේ සත්තු හදන තැනකට ගිහිල්ල දුන්න . දවස් තුනකට පස්සේ කෝල් එක ආව එතනින්. ඒ ගොල්ල කිවා වඳුරා දවස් තුනක් තිස්සේ කන්නෙත් බොන්නෙත් නැතිව අඬනව කියල. ඔයාගේ ඉස්සර ආත්මේක ඥාතියෙක් වෙන්න ඕන . ඇවිත් එක්ක යන්න කියල කිව්වා .මොනවා කරන්නද මන් වැන් එකක් අරගෙන ගියා . මාව දැක්කම පුදුම සතුටක් මෙයාට ඇති උනේ.මගේ සාරිය අතාරියෙම නෑ වැන් එකේ ගේ කිට්ටුවටම එනකම්ම ."
නන්දනී මහත්මිය කිරාගේ හිස අතගාමින් මෙසේ කීවාය.
"කැලේ වඳුරා ආයිත් එන්න පටන් ගත්ත මුව මරල දාන්න . ඒ විතරක් නෙවෙයි ගමනක් බිමනක් යන්නත් බෑ අපිට මෙයාව ගේ ඇතුලේ දාල. ඉති ඒ නිසා රුපියල් 15000ක් විතර වියදම් කරලා එළියෙන් කුඩුවක් හදල දුන්න . එකේ ඉඩකඩ තියෙන නිසා දැන් සතුටෙන් ඉන්නවා . මන් සතියකට වරක් සබන් ෂැම්පු දාල නාවනවා. ගෙදර වත්තට සතෙක් සර්පයෙක් එහෙම ආවොත් අමුතු විදිහකට කෑ ගහල අපිට අනතුර දැනුම් දෙනවා . " නන්දනී මහත්මිය කතාව අවසන් කරමින් කීවාය.
( ඉහත සිද්ධිය මට දැන ගන්නට ලැබුනේ ඇගේ නිවසේදී ළමුන් කීප දෙනෙකුට සති පතා ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පැමිණෙන ලෙස මට කළ ඇරයුම අනුව එහි ගිය විටය .)
බර්ටි රණවීරගේ
(විශ්‍රාමික ඉංග්‍රීසි අධ්‍යාපන අධ්‍යක්ෂ)
072 215 97 87