Monday, April 4, 2016
Saturday, April 2, 2016
මහගම අවුරුදු 50 කට පෙර (පළමු කොටස)
ගමේ පාසල්
තවත් අවුරුදු 50ක් ගිය තැන අපේ ගම තව දුරටත් ගමක් නොවනු ඇත. එය නගරයක් වනු ඇති බවට සැකයක් නැත. නගරයක් නොව ගමක් ලෙසම තිබුනා නම් කොතරම් හොඳ දැයි ඒ කාලයේ ජීවත් වන අය සිතනු ඇත.
මෙයට අවුරුදු 50 කට පෙර තිබු අපේ ගමත් අද තිබෙන අපේ ගමත් අතර ඇත්තේ මහත් පරතරයකි. එදා ගම පිළිබඳව මා මෙහි ලියන්නේ අද ජීවත් වන විශේෂයෙන්ම තරුණ ඔබටත් අනාගතයේ බිහිවන මහගම පරපුරටත් දැන ගැනීම සඳහාය.
අවුරුදු 50 කට පෙර මා පාසල් ශිෂ්‍යයෙකි. එකල ගමේ තිබුනේ පාසල් දෙකකි. ඒ පොලේගොඩ විදුහල සහ මහගම කනිටු විදුහල .එකල පොලේගොඩ විදුහල මහා විද්‍යාලයක් නොවේ. පන්ති තිබුනේ හෝඩියේ (පහල බාලාංශය ) සිට ජ්‍යෙෂ්ට පන්තිය ( අපොස සා. පෙ. සමානය) දක්වාය. දෙල්පාවත්ත ක.වී. එසේමය.
එකල අපි පාසල් යන්නේ පා ගමනිනි.මහ පාරේ (කලවල්ලාව-මතුගම පාර.) වාහනයක් එන්නේ කලාතුරකින් බැවින් දෙමපියෝද දරුවන් බය නැතිවම පාසල් යාවත්.. එකල අතුරු පාරවල තාර දමා තිබුනේද නැත.ළමුන් බොහොමයක් පාසල් යන්නේ සරමක් සහ කමිසයක් ඇඳගෙනය.කොට කලිසම් ඇඳ පාසල් යන්නේ කලාතුරකින් ළමයෙකි. ගැහැණු ළමුන් තරමක් දිග ගමුම් ඇඳ ගෙන යති. කවුරුත් සෙරෙප්පු දමන්නේ නැත. පොත් දමා ගෙන යන්නේ පන් මල්ලකය. අපි පුංචි කාලයේ කිරි කෝප්පයක් සහ බනිස් ගෙඩියක් බැගින් සෑම ළමයෙකුටම පාසලෙන් ලැබේ. අපේ දෙමාපියන් පාසල් ගිය කාලයේ පාසලේදී බත් ලැබුණු බව කියනු මා අසා ඇත.
1960 ගණන් දක්වා පොලේගොඩ විදුහලේ තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණය.ක්‍රීඩා පිටියක් තිබුනේද නැත. දැන් ක්‍රීඩා පිටිය තිබෙන තැන එකම කැලෑවැකි. පිරිමු ළමුන් මුත්‍රා කිරීමට යන්නේ එතනටය. ගැහැණු ළමුන්ට සහ ගුරුවරුන්ට නම් වැසිකිලි දෙකක් තිබිණ. දෙල්පාවත්ත හන්දියේ තිබෙන මහගම ක.වී.හී තිබුනේද ගොඩ නැගිලි දෙකක් පමණි.ඉම්මිල්ල පාරේ තිබෙන පාසල් ගොඩ නැගිලි හැදුවේ ඉතා මෑතකදීය.
පොලේගොඩ විදුහලේ ඉතා සැර විදුහල්පති වරයෙක් 1950 දසකයේ සහ 1960 දසකයේ මුල් කාලයේ සිටියේය. ඔහුගේ නම ගුනසේනය. ඔහු අඩි 5 ක්වත් උස නැත. ඇන්දේ ජාතික ඇඳුමය. අවිවාහකයෙකු වූ ඔහු පාසලේම නැවතී සිටියේය, වැරදි කරන ළමුන්ට ඔහු කොතරම් ශබ්ද නගා බනින්නේද යත් පොලේගොඩ හන්දියට පවා ඔහුගේ ඝෝර නාඩුව ඇසේ. බනින විට ඔහු නිතර කී වාක්‍යයක් වන්නේ " කට්ට කයිරාටික වෙට්ට පිත්තල එවුන්" යන්නය.
පොලේගොඩ විදුහල පළමුවෙන් අරඹා ඇත්තේ තැන්නහෙන පාරේ මහවත්තට හැරෙන තැන ඉඩමකය. මහගම සමජසේවකයෙකු වූ සුදර්ශනාරාම පාරේ පදිංචිව සිටි කුලරත්න නම් මහතෙකු පාසැල පටන් ගැනීමට මුල්වී තිබේ. පළමු ශිෂ්‍යයා වී ඇත්තේ ඔහුගේ පුත්වූ සෝමපාල කුලරත්න මහතය. සෝමපාල මහතා පසු කලක මහගම තැපැල් හලේ ස්ථානාධිපතිවරයා විය. ඔහුද මීට අවුරුදු 2කට පෙර (1914) මියගියේය.
මහගම පළමුවෙන් ඇරඹු පාසැල උතුරු මහගම පිහිටි මහගම ක.වී. යයි. එය ඇරඹීමට මහගම සුදර්ශනාරාමයේ විසු භික්ෂුවක් මුල් තැන ගත් බව මා අසා තිබේ.
(දෙවන කොටසින් ගමේ වෙනත් විස්තර )
Thursday, March 31, 2016
අපේ ගමේ ඉංග්‍රීසි පාසැල
අපේ ගමේ ඉංග්‍රීසි පාසැල තිබෙන්නේ මානානේ කොන්ට්‍රෝල් බන්ගලාවේය. ප්‍රධාන පාර අද්දර පිහිටි එහි නිස්කලංකව ඉගන ගත හැකිය.
2 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන්ට ඉංග්‍රීසි පන්ති එහි පැවැත්වෙන අතර කණ්ඩායම් පන්තිද එහි පැවැත්වේ.
රැකියා කරන අයගේ කණ්ඩායම් පන්තිද මෙහි පවත්වනු ලැබේ.
2015 O/L ප්‍රතිඵල විශිෂ්ටයි.
2015 වසරේ සා.පෙ. විභාගයේදී මෙම ආයතනයෙන් ඉංග්‍රීසි ඉගන ගත් සිසුන්ගෙන් 80% සමත් වී තිබේ
මෙහි උගන්වන්නේ මතුගම අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස වසර 8ක් සේවය කලාවුද රජයේ පාසල්වල අවුරුදු 25ක් ඉංග්‍රීසි ඉගැන්වුද බර්ටි රණවීරගේ මහතාය.
වැඩි දුර තොරතුරු දැනගැනීම සඳහා 072 215 97 87 ට අමතන්න.
මේ මහගම හැර තවත් මහගම් තිබේද?
අපේ ගම
අපි ජීවත් වෙන්නේ කළුතර දිස්තිරික්කයේ තිබෙන මහගමය .අපේ ගම හැර මහගම නමින් තවත් ගම තිබේදැයි ඔබ සොයා බලා තිබේද?
මා ඉස්සර මීරිගම ඉංග්‍රීසි ගුරු විදුහලට ගුරු පුහුණුව ලබන්නට ගිය විට මගේ ගම කොහේදැයි ඇසු අලුත් මිත්‍රයෝ 'උඹේ ගමේ තවත් කෙනෙක් මෙහෙ ඉන්නවා " යැයි කිසිවෙකු කි බැවින් මා ඔහු සොයා ගියෙමි. එහෙත් ඔහු මා දැක පුරුදු කෙනෙකු නොවීය. තව දුරටත් කතා කල විට පැහැදිලි වුනේ ඔහු උඩවලවේ අසල තිබෙන මහගම නම් ගමක පදිංචි කරුවෙකු බවය.
මා කුඩා කාලයේ මහනුවරට එපිටින් තිබෙන ගම්පොල ඉගනීම ලබන කාලයේ බොහෝ අය ඇසුවේ කටුගස්තොට පැත්තේ තිබෙන මහගම මගේ ගමද කියාය.
google ගොස් පරීක්ෂා කල විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොතුහැර කිට්ටුවද මහගමක් තිබෙන බවය.
උගතෙකු සහ ගීත රචකයෙකු වූ මහගම සේකර ගම්පහය. එහිත් මහගමක් තිබිය හැක. ඉන්දියාවේද මහගමක්තිබේ ...........(තව කියවීමට මේ පුවත මත මීයා ඔබන්න.). එය තිබෙන්නේ ජර්ඛන්ඩ් නමැති ඉන්දියාවේ ප්‍රන්තයකය.එය කුඩා නගරයකි.
එහෙත් මහගම නමින් තැපැල් කාර්යාලයක් තිබෙන්නේ අපේ මහගමට පමණය. එබැවින් ලංකාවේ මහගම නමින් ගම් කීපයක් තිබුනත් තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රධාන තැන දී තිබෙන්නේ අපටය.
අන්තර් ජලයට ගොස් බැලු විට අපේ මහගම ට ඒ තරම් ප්‍රසිද්ධියක් ලැබී නැත.මා විසින් පවත්තගෙන යන මේ බ්ලොග් සඟරාව නිසා අපේ මහගමට සුළු ප්‍රසිද්ධියක් අන්තර්ජාලය තුල ලැබීමට පටන්ගෙන තිබේ. එබැවින් මේ blog සඟරාව වඩ වඩා ප්‍රචලිත කිරීම අවශ්‍යය. එබැවින් අපේ ගමේ තරුණ පරපුර අතර මෙය ප්‍රචාරය කිරීමට උනන්දු වන්න.
Wednesday, March 30, 2016
our ancestral home |
මේ අපේ පැරණි ගෙදරයි . මෙය තනා අවසන් කර තිබෙන්නේ 1899.-2-10 දිනය.ඒ බව මා දන්නේ එම දිනය සාලය තුලවූ ආරුක්කුවට ඉහලින් සටහන් කර තිබු නිසාය.
මේ නිවස කඩා එම ස්ථානයේම නව නිවසක් තැනුවේ 1990 ය. එහි පින්තුරය ඉහලින් පළ කොට තිබේ..
කළු කෝට් එකක් ඇඳ මැදින් සිටින්නේ නිවස තැනු නායගේ අසනේරිස්ය. ඔහුට වම් පසින් වාඩිවී සිටින්නේ ඔහුගේ පියාවූ නායගේ ඔදානිස් ය. අසනේරිස් මුත්තා අසලින් සිටින කුඩා දරුවා මගේ සීයාවූ මගේ මවගේ පියා.) නායගේ සුරමානිස්ය.ඔහු මිය ගියේ 1984 යේය කවිච්චියේ වාඩිවී සිටින්නේ අසනේරිස් මුත්තාගේ බිරිඳ සහ දරුවන්ය. අසනේරිස් මුත්තාට දරුවන් 6 කි. බාල දරුවා වූ නායගේ විලියම් ඒ වන විට ඉපදී නැත. ඇකයේ සිටින දැරිය පසු කලක විවාහ වී නෑබඩ, උඩොවිටට පදිංචියට ගිය නායගේ හෙලේනාය දොඩන්ගස්ලන්දේ වත්මන් ( 2016 මහමැතිවරණයෙන් තේරී පත්වූ ) පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා (එ.ජා. ප) . උඩෝවිට ආච්චිගේ දුවගේ දරුවෙකි.. පින්තුරයේ
වම් පස වාඩිවී .සිටින්නේ ගමේ ප්‍රභූවරුන් දෙදෙනෙකි.
වම් පසින් සිටින තුන්වැන්නා ආරච්චි (ග්‍රාම සේවකට වඩා ඉහල නිලයකි.)මහතා යැයි අපේ සීයා කියනු මා අසා තිබේ.වම පස සිටින දරුවා ඔහුගේ පුතෙකු විය හැක. වම් පස සිටින පළමු වන්නා කවුදැයි නොදනිමි. එය සොයාගැනීම ඥාතියෙකුට භාරය.
Labels:
Blogger's home
Location:
Mahagama, Sri Lanka
Monday, March 28, 2016
එන්න සුදු කුකුළා බලන්න
sudukukula.blogspot.com
මන් තවත් බ්ලොග් එකක් පටන් අරන් තියෙනවා . මගේ ජීවිතේ අත්දැකීම් ම එහි ලියන්නේ.බ්ලොග් එකේ නම sudukukula.blogspot.com එය ලියන්නේ සිංහලෙන්. කොටි සංවිධානයේ නායකයන් හමුවීමට මා ගිය විස්තර, රෝහණ විජේවීර සමග කල ඇසුර, ආදී සත්‍ය සිද්ධි ගණනාවක් පිළිබඳව එහි තිබෙනවා. ඉදිරියේදී මහින්ද රාජපක්ෂ හමුවී කල කතා බහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හමුවී කල කතා බහ,විජය කුමාරතුංග හමුවීම ආදී විස්තර රැසක් ලිවීමට මා අපේක්ෂා කරනවා.
එබැවින් sudukukula.blogspot.com වෙත පැමිණෙන ලෙස ඔබට මා ආරාධනා කරන්නට කැමතියි.
මහගම ඉංග්‍රීසි පන්ති.
මා ඉංග්‍රීසි පන්ති පවත්වන බව ඔබ දන්නවා ඇතැයි සිතනවා. මේ දිනවල ම පන්තී පවත්වන්නේ මහගම මානානේ ප්‍රධාන පර අසල තිබෙන කොන්ට්‍රෝල් බංගලාවේ.2 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන්ට එහි පන්ති පැවැත්වෙනවා. වැඩිහිටි අය සඳහා කණ්ඩායම් පන්තිද පැවැත්වෙනවා විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 072 215 97 87 ට කතා කරන්න.
මං කවුද?
මන් කවුදැයි අලුත් ළමයි දන්නේ නැතිව ඇති.මගේ ගමත් මහගම. මන් අවුරුදු 20ක් රජයේ පාසල්වල ඉංග්‍රීසි ඉගැන්නුවා. ඉන්පසු මතුගම අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි අධ්‍යක්ෂ ලෙස උසස් කල නිසා එම තනතුරේ අවුරුදු 8ක් සේවය කළා.දැන් ම විශ්‍රාම නිසා මුළු කාලයම යොදවන්නේ ඉංග්‍රීසි උගන්වන්න.
Subscribe to:
Posts (Atom)