Thursday, March 31, 2016
අපේ ගමේ ඉංග්‍රීසි පාසැල
අපේ ගමේ ඉංග්‍රීසි පාසැල තිබෙන්නේ මානානේ කොන්ට්‍රෝල් බන්ගලාවේය. ප්‍රධාන පාර අද්දර පිහිටි එහි නිස්කලංකව ඉගන ගත හැකිය.
මේ මහගම හැර තවත් මහගම් තිබේද?
අපේ ගම
අපි ජීවත් වෙන්නේ කළුතර දිස්තිරික්කයේ තිබෙන මහගමය .අපේ ගම හැර මහගම නමින් තවත් ගම තිබේදැයි ඔබ සොයා බලා තිබේද?
මා ඉස්සර මීරිගම ඉංග්‍රීසි ගුරු විදුහලට ගුරු පුහුණුව ලබන්නට ගිය විට මගේ ගම කොහේදැයි ඇසු අලුත් මිත්‍රයෝ 'උඹේ ගමේ තවත් කෙනෙක් මෙහෙ ඉන්නවා " යැයි කිසිවෙකු කි බැවින් මා ඔහු සොයා ගියෙමි. එහෙත් ඔහු මා දැක පුරුදු කෙනෙකු නොවීය. තව දුරටත් කතා කල විට පැහැදිලි වුනේ ඔහු උඩවලවේ අසල තිබෙන මහගම නම් ගමක පදිංචි කරුවෙකු බවය.
මා කුඩා කාලයේ මහනුවරට එපිටින් තිබෙන ගම්පොල ඉගනීම ලබන කාලයේ බොහෝ අය ඇසුවේ කටුගස්තොට පැත්තේ තිබෙන මහගම මගේ ගමද කියාය.
google ගොස් පරීක්ෂා කල විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොතුහැර කිට්ටුවද මහගමක් තිබෙන බවය.
උගතෙකු සහ ගීත රචකයෙකු වූ මහගම සේකර ගම්පහය. එහිත් මහගමක් තිබිය හැක. ඉන්දියාවේද මහගමක්තිබේ ...........(තව කියවීමට මේ පුවත මත මීයා ඔබන්න.). එය තිබෙන්නේ ජර්ඛන්ඩ් නමැති ඉන්දියාවේ ප්‍රන්තයකය.එය කුඩා නගරයකි.
එහෙත් මහගම නමින් තැපැල් කාර්යාලයක් තිබෙන්නේ අපේ මහගමට පමණය. එබැවින් ලංකාවේ මහගම නමින් ගම් කීපයක් තිබුනත් තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රධාන තැන දී තිබෙන්නේ අපටය.
අන්තර් ජලයට ගොස් බැලු විට අපේ මහගම ට ඒ තරම් ප්‍රසිද්ධියක් ලැබී නැත.මා විසින් පවත්තගෙන යන මේ බ්ලොග් සඟරාව නිසා අපේ මහගමට සුළු ප්‍රසිද්ධියක් අන්තර්ජාලය තුල ලැබීමට පටන්ගෙන තිබේ. එබැවින් මේ blog සඟරාව වඩ වඩා ප්‍රචලිත කිරීම අවශ්‍යය. එබැවින් අපේ ගමේ තරුණ පරපුර අතර මෙය ප්‍රචාරය කිරීමට උනන්දු වන්න.
Wednesday, March 30, 2016
| our ancestral home |
මේ අපේ පැරණි ගෙදරයි . මෙය තනා අවසන් කර තිබෙන්නේ 1899.-2-10 දිනය.ඒ බව මා දන්නේ එම දිනය සාලය තුලවූ ආරුක්කුවට ඉහලින් සටහන් කර තිබු නිසාය.
මේ නිවස කඩා එම ස්ථානයේම නව නිවසක් තැනුවේ 1990 ය. එහි පින්තුරය ඉහලින් පළ කොට තිබේ..
කළු කෝට් එකක් ඇඳ මැදින් සිටින්නේ නිවස තැනු නායගේ අසනේරිස්ය. ඔහුට වම් පසින් වාඩිවී සිටින්නේ ඔහුගේ පියාවූ නායගේ ඔදානිස් ය. අසනේරිස් මුත්තා අසලින් සිටින කුඩා දරුවා මගේ සීයාවූ මගේ මවගේ පියා.) නායගේ සුරමානිස්ය.ඔහු මිය ගියේ 1984 යේය කවිච්චියේ වාඩිවී සිටින්නේ අසනේරිස් මුත්තාගේ බිරිඳ සහ දරුවන්ය. අසනේරිස් මුත්තාට දරුවන් 6 කි. බාල දරුවා වූ නායගේ විලියම් ඒ වන විට ඉපදී නැත. ඇකයේ සිටින දැරිය පසු කලක විවාහ වී නෑබඩ, උඩොවිටට පදිංචියට ගිය නායගේ හෙලේනාය දොඩන්ගස්ලන්දේ වත්මන් ( 2016 මහමැතිවරණයෙන් තේරී පත්වූ ) පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා (එ.ජා. ප) . උඩෝවිට ආච්චිගේ දුවගේ දරුවෙකි.. පින්තුරයේ
වම් පස වාඩිවී .සිටින්නේ ගමේ ප්‍රභූවරුන් දෙදෙනෙකි.
වම් පසින් සිටින තුන්වැන්නා ආරච්චි (ග්‍රාම සේවකට වඩා ඉහල නිලයකි.)මහතා යැයි අපේ සීයා කියනු මා අසා තිබේ.වම පස සිටින දරුවා ඔහුගේ පුතෙකු විය හැක. වම් පස සිටින පළමු වන්නා කවුදැයි නොදනිමි. එය සොයාගැනීම ඥාතියෙකුට භාරය.
Labels:
Blogger's home
Location:
Mahagama, Sri Lanka
Monday, March 28, 2016
එන්න සුදු කුකුළා බලන්න
sudukukula.blogspot.com
මන් තවත් බ්ලොග් එකක් පටන් අරන් තියෙනවා . මගේ ජීවිතේ අත්දැකීම් ම එහි ලියන්නේ.බ්ලොග් එකේ නම sudukukula.blogspot.com එය ලියන්නේ සිංහලෙන්. කොටි සංවිධානයේ නායකයන් හමුවීමට මා ගිය විස්තර, රෝහණ විජේවීර සමග කල ඇසුර, ආදී සත්‍ය සිද්ධි ගණනාවක් පිළිබඳව එහි තිබෙනවා. ඉදිරියේදී මහින්ද රාජපක්ෂ හමුවී කල කතා බහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හමුවී කල කතා බහ,විජය කුමාරතුංග හමුවීම ආදී විස්තර රැසක් ලිවීමට මා අපේක්ෂා කරනවා.
එබැවින් sudukukula.blogspot.com වෙත පැමිණෙන ලෙස ඔබට මා ආරාධනා කරන්නට කැමතියි.
මහගම ඉංග්‍රීසි පන්ති.
මා ඉංග්‍රීසි පන්ති පවත්වන බව ඔබ දන්නවා ඇතැයි සිතනවා. මේ දිනවල ම පන්තී පවත්වන්නේ මහගම මානානේ ප්‍රධාන පර අසල තිබෙන කොන්ට්‍රෝල් බංගලාවේ.2 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන්ට එහි පන්ති පැවැත්වෙනවා. වැඩිහිටි අය සඳහා කණ්ඩායම් පන්තිද පැවැත්වෙනවා විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 072 215 97 87 ට කතා කරන්න.
මං කවුද?
මන් කවුදැයි අලුත් ළමයි දන්නේ නැතිව ඇති.මගේ ගමත් මහගම. මන් අවුරුදු 20ක් රජයේ පාසල්වල ඉංග්‍රීසි ඉගැන්නුවා. ඉන්පසු මතුගම අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි අධ්‍යක්ෂ ලෙස උසස් කල නිසා එම තනතුරේ අවුරුදු 8ක් සේවය කළා.දැන් ම විශ්‍රාම නිසා මුළු කාලයම යොදවන්නේ ඉංග්‍රීසි උගන්වන්න.
Sunday, July 31, 2011
Tuesday, February 22, 2011
Temples of Mahagama
There are four Buddhist temples at present in the village.The oldest temple is Sri Sudarshanaramaya which was founded by Bombuwala Dassanasara Thera in 19th century.Then Bombuwala Jinananda Thera assumed duty here as the chief incumbant thera of the temple.When he grew older he handed over the temple to one of his disciples called Rev.Bombuwala Nandasara Thera who was an educated priest.He who passed away at the age of 102 handed over the temple to his disciple Rev.Mahagama Jinananda Thera . The second temple which is situated at Immilla was founded there about 100 or so years ago.The third which is situated at Delpawatta was founded about 30 years ago.There is another at Tennahena which I have not visited yet
Subscribe to:
Posts (Atom)

