හොල්මන් ගෙදර අවුරුදු දෙකක්
මහගම මානාන ප්‍රදේශයේ මහපාර අද්දර තිබෙන කන්ට්‍රෝල් බංගලාව ගමේ බොහෝ අය දන්නා බවට සැකයක් නැත. මෙය ඉතා විශාල නිවසක් වන අතර සෑම කාමරයකටම වාගේ නාන කාමර තිබේ. අවුරුදු හතටකට පෙර මෙහි අයිතිකරු හර්ධයාබාධයකින් මිය යාමෙන් පසු ඔහුගේ බිරිඳත් දරුවනුත් නිවස අත් හැර දමා කොළඹ ආසන්නයට පදිංචියට ගියහ.
මෙම නිවස විවිධ අයට වරින් වර කුලියට දී තිබු නමුත් වැඩි කලක් ඒ කිසිවෙකු එහි පදිංචිව සිටියේ නැත.වරක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලය මෙහි පවත්වාගෙන ගිය නමුත් අවුරුද්දකට පසු එය මතුගමට ගෙන යනු ලැබීය.ඉන්පසු වෙනත් අයෙකු මේහි හෝටලයක් ආරම්භ කළ නමුත් මාස කීපයකින් පසු එය අවසන් විය.ඉන්පසු එක්තරා පවුලක් මෙහි පදිංචියට ආ නමුත් ඔවුන් සති දෙකකට වඩා පදිංචිව සිටියේ නැත. සුදු පාටට ඇඳගත් කිසිවෙකු එහි පිටත පිහිටි වැසිකිළියක සිට එලියට එනු දින දෙකක් රාත්‍රියේ දැකීම නිසා බියට පත් එම පවුලේ අය වෙනත් නිවසක් සොයාගෙන යන්නට ගියහ. ඉන්පසු එහි පදිංචියට ආවේ මෙහෙණින් වහන්සේලාය . ඔවුන් රාත්‍රිය පුරා පිරිතක් කියා පදිංචි වූ නමුත් ටික කලකින් නිවස අත්හැර යන්නට ගියහ.
ඉන්පසු එහි පදිංචියට ගියේ මා ය. එම නිවසේ කොටසක් කුලියට ගත් මා ඉංග්‍රීසි පාසලක් ආරම්භ කළෙමි ඒ 2014 සැප්තැම්බර් මාසයේය. එහි ඉගනීමට ආ අවුරුදු 13ක් පමණ වන ,මේ ස්ථානයට ආසන්නයේ පදිංචි ගැහැණු ළමයෙකු දිනක් මට කීවේ අරුම පුදුම කතාවකි. මා එහි පාසැල ආරම්භ කිරීමට වසරකට පමණ කලින් දිනක ඇය එම නිවස අසලින් පාරේ යන විට වසා තිබු නිවසේ ඉදිරිපස දොර විවුර්ත කරගෙන පැමිණි මිනිසෙකු නිවසට එන ලෙස අත වනා සංඥා කළ බව කීවාය. බියට පත් ඇය ඇගේ නිවසට දුව ගිය බව තව දුරටත් කීවාය.
අවුරුදු 2 මාස 2ක් එම නිවසේ මගේ ඉංග්‍රීසි ආයතනය පවත්වා ගෙන ගිය අතර අද දින (2016-11-01) මම මගේ අධ්‍යාපන ආයතනය (මහගම ඉංග්‍රීසි පාසැල ) එගොඩ පොලේගොඩ සහ මෙගොඩ පොලේගොඩ අතර පිහිටි ප්‍රධාන පාර අද්දර ගොඩනැගිල්ලකට රැගෙන ගියෙමි.
එහි සිටි කාළය තුලදී ඇතැම් දිනවල රාත්‍රී 9 වන තුරුත් මා ඉංග්‍රීසි පන්ති පැවත්වීමි . එහෙත් අවතාරයක්තම් කිසි දිනක ම දුටුවේ නැත.ම තනියෙන් එහි සිටි අවස්ථාද තිබිණ. එහෙත් එක් දිනක නිවසේ ඇතුලේ කාමරයක කිසිවෙකු කෙඳිරි ගාන හඬක් දෙවරක් හෝ තුන්වරක් මට ඇසුනි. ඒ ගැන උනන්දු වූ මා තව දුරටත් කන් යොමු කර ගෙන සිටි නමුත් යලිත් එම කෙඳිරිය ඇසුනේ නැත.
වටහා ගත නොහැකිවූ තවත් එක් සිද්ධියක අත්දැකීමක් මෙහි සටහන් කරන්නේ මා හොල්මන් විශ්වාස කරන නිසා නොවේ. දිනක් මා එහි යනවිට ප්‍රධාන දොර විවුර්ත වී තිබුණි මා එය එතරම් සැලකිල්ලට නොගෙන නිවසේ අනෙත් කොටසේ ඉංග්‍රීසි පන්තියක් පවත්වා ගෙන යමින් සිටින විට විශාල හඬක් නගමින් දොරක් වැසෙනු ඇසින. මා වහාම ඒ දෙසට ගොස් බැලු විට මා එන විට විවුර්ත වී තිබු ප්‍රධාන දොර වැසී තිබුණි. අවට කිවිවෙකු නොසිටි බැවින් දොර වැසුනේ කෙසේ දැයි අද වන තුරුම වටහා ගත නොහැක.
කෙසේ වෙතත් මා මේ ස්ථානයෙන් ඉවත්ව වෙනත් ස්ථානයකට 'මහගම ඉංග්‍රීසි පාසැල ' ගෙන යන්නේ හොල්මන් වලට ඇති බියක් නිසා නොවේ.අයිති කාරිය විසින් වැඩි මුදලකට එම නිවාස දුර බැහැර අයෙකුට කුලියට දීම නිසාය. නව කුලී වැසියා පැමිණීමට නියමිතව තිබුනේ ගිය මාසයේය . නමුත් ඔහු මේ වන තුරුම පැමිණියේ නැත .අවිනිශ්චිත පසුබිමක් තිබියදී තව දුරටත් පදිංචිව සිටීමට මට නොහැකි බැවින් ද දිනයේ මා එම නිවසට ආයුබෝවන් කීවෙමි.
මට ඇසුණු කෙඳිරිය වැනි හඬ ඇතැම් විටෙක යමක් වෙනත් හඬක් ද විය හැක. එමෙන්ම ඇරී තිබු දොර ශබ්ද නගා වැසුණේ සුළඟට විය හැක. එසේ දොර වැසීමට නම් දැඩි සුළඟක් නිවසැ ඇතුලෙන් පැමිණිය යුතුය. එහෙත් වසා තිබු නිවසේ ඇතුලතින් සුළඟක් පැමිණෙන්නේ කෙසේද?
මෙය කියවන අයෙකු ඒ ගැන අදහස් දැක්වන්නේ නම් මැනවි.
පහත දැක්වෙන්නේ එම නිවසයි.
විශාල කාමරයක දොරක් ඉබේ වැසීයාමට තද සුළඟක් අවශ්‍ය නැත, නිවස එක් පසකට වඩා අනෙක් පස වා පීඩනයේ සුළු වෙනසක් නිසා වුවද කුඩා වා සිඳුරු ගණනාවකින් පිටත ඇදෙන වායු ප්‍රමාණය කාමරයතුලට යන්නේ දොරතුලුන් පමණක් විය හැක, දොර ඉතා තදින් වැදෙනවා ඇසුනාට එය සුළඟට හසුව සීරුවෙන් වැසෙමින් සිට දොර 3/4 වැසුනු පසු ඉතිරිකුඩා ඉඩෙන් වායුව ඇඳියන වේගය වැඩි නිසා දොර පියන ඉතා තදින් උළුවස්සකරා ඇදීයයි, මම්ම පප්ප නලාවක හුංල සෙමෙන් කට ඇතුලට අඳින ගමන් එහි ඉපියාට වන දේ නිරීක්ෂණය කරන්න. කෙඳිරිලි හඩ බොහෝවිට සෙමෙන් වැසෙමින් පවතින දොර සරනේරු වලිනි. පරණ ලොකු බංගලා දෙකකම දිගු අත්දැකීම් ඇත, මෙවැනි බංගලාවල පළමු මාස 2න් පසු කිසිම අද්භූත හඩක් ඔබට නොඇසෙනු ඇත, ඒ ඔබේ මොලය එම ශබ්ද ෆිල්ටර් කරන නිසාවෙනි. තැත් වරද ක්‍රමයෙන් ඕනෑම අද්භූත හඬක මූලාශ්‍රය සොයා ගැනීම අපහසු නැත.
ReplyDeleteවැසුණු දොර අයිතිවන්නේ කාමරයකට නොව එම නිවසේ සාලයටය.එම සාලයට අයත් වන සියලු ජනෙල් හැම විටම වසා තිබේ.මා පළමුවෙන් දකින විට දොර ඇරී තිබුනේ (සාලයේ ඇතුලට) සුලු ප්රමාණයකි.
Deleteදොරක් ඇරීමට හෝ වැසීමට යමිකිසි බලයක් අවශ්‍ය වන අතර එම බලය කිසියමි කෙතනකු හෝ සුළග වෙති.කෙදිරිළි හඩ කිසියම් රළු තැනක සිදුවන ඝර්ෂන ක්‍රියාවලියකින් නිකුත්වන හඩක්.සොබා දහමෙි සියල්ල සිදුවන්නේ භෞතික නියාමනයන්ට අනකුලව මිස අවතාර හොල්මන් වලින් නොවෙයි.
ReplyDeletehar mama oya pate tamae mama uditha habae oya paweni watawata holman teyanawae kiyala ahuwe
ReplyDelete